top of page

Omicron

අපි සුබ ආරංචියකින් පටන් ගනිමු. පරීක්ෂණ ප්‍රතිඵල  මත covid -19 ප්‍රභේදයක් වන ඔමික්‍රෝන්  මගින් පෙනහලු වලට සිදුවන හානිය සාපේක්ෂව අවම බව සොයා ගෙන ඇත.(1,2,3)

මෙම ප්‍රභේදය ආසාදනය වන පුද්ගලයන්ගේ රෝහල් ගත වීමේ අනුපාතය හා මරණ අනුපාතය පෙරදී ව්‍යාප්ත වු ප්‍රභේද වලට වඩා අඩු බව සොයා ගෙන ඇත (4).නමුත් මෙම තත්ත්වය ඒක පුද්ගලව සුළු මට්ටමක පැවතුණද සමාජීය වශයෙන් බරපතළ වේ.

ඔමික්‍රෝන් තවමත් මිනිසුන් රෝහල් ගත කරවන අතර මරණයට ද පත්කරයි.

ඩෙල්ටා ප්‍රභේදයෙන් මිනිසුන්ට සිදු කරවන බලපෑමෙන් අඩක් ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් සිදු වුවද, ඩෙල්ටා ප්‍රභේදයට වඩා දෙගුණයක ප්‍රමාණයකට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වන බැවින් සමාජීය වශයෙන් වැඩි අවදාමක් ඇත .

අසුබ ආරංචිය වන්නේ :-පෙර පැවති සියළු ප්‍රභේද වලට වඩා ඔමික්‍රෝන් සීග්‍රයෙන් ව්‍යාප්ත වීමයි.(5) වසංගත කාලය තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණය වර්තා වෙමින් පවතින බව අපට දැක ගත හැක .(සීමිත පරීක්ෂණ සංඛ්‍යාවක් සමග මෙය ඌන නිමානයකි)(6). ආසාදිතයින්  ප්‍රමාණය වැඩි වීම යනු කලින් රැල්ලට වඩා රෝහල් ගත වීම වැඩි වීමයි. දැනට කැනඩාවේ රෝහල් ගත වීම හා දැඩි සත්කාර ඒකකයේ රෝගීන් ප්‍රමාණය වැඩි වන බව පෙනේ (7,8).

ළමා ආසාදිතයින් රෝහල් ගත වීමේ අනුපාතය එක්සත් ජනපදයේ හා කැනඩාවේ සමහර ප්‍රදේශයේ වල ඉහළ යමින් පවති . (9,10)

මෙන්න බලාපොරොත්තු සහගත පුවත් කීපයක් ,

එන්නත්කරණයට ලක් වු අයට හා නැති අයට ආසාදනය වීමේ අනුපාතය සමාන වුවද ,එන්නත්කරණයට ලක් වූවන් රෝහල් ගත වීමේ අනුපාතය සැලකිය යුතු ලෙස අඩුය.(11,12) එන්නත් මාත්‍රා 3 ක් ලබා ගෙන ඇති විට ආරක්ෂාව තව දුරටත් ශක්තිමත් වේ.(13) එන්නත් විසින් ඔවුන්ගේ කාර්යය මනාව ඉටුකරමින් පවතී .

ඔබේ පළමු දෙවන මෙන්ම තෙවන මාත්‍රා ද වෙන් කර ගැනීමට සුදුසුම දිනය අදයි, ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳව ඔබට තිබෙන ගැටළු මොනවාද ? පහතින් ඔබේ අදහස් දක්වන්න ,නැතිනම් DM කරන්න .

මූලාශ්‍රය :- tinyurl……...

Translator: Sanjalee Chandrasekhar

https://www.linkedin.com/in/sanjalee-chandrasekara-26a62b204


Editor: Chamika Vidanagamage

bottom of page